ප්‍රමුඛ පුවත 1

දිවයින කෙරෙහි බලපෑම ක්‍රමයෙන් අඩුවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

(UTV|කොළඹ) – දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින (OCKHI) සුළු කුණාටුව කොළඹ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පවතින බවත් එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුර, උතුරු මැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවේයැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක් තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනට බස්නාහිර හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා වැඩි විය හැකිය. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50ක් දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරිසරය සුරකින්නට කැපවෙන්න – අගමැති ඉල්ලයි

Mohamed Dilsad

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad