ප්‍රමුඛ පුවත 1

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

(UTV| කොළඹ) – වවුනියාව,කුරුඳුපිටිය ප්‍රදේශයේ ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 03දෙනෙකු බේරා ගැනීමට වවුනියාව වනජීවී නිළධාරීහු සමත් වෙති.

ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව කිඹුලන් බේරා ගැනුන බව වවුනියාව වනජීවී නිළධාරීහු පවසයි.

එහි සිටි විශාල කිඹුලෙකු හා එම කිඹුලාගේ පැටව් දෙදෙකු මෙලෙස බේරාගෙන රක්ෂිතයේ ඔයකට මුදා හැරිය බවත් වවුනියාව වනජීවි නිළධාරීන් පැවසීය.

වනයේ සිට ජලය සොයායාමේදී මෙලෙස ගම්මානයේ ලිඳට වැටී ඇති බවත් වනජීවී නිළධාරීන් සැක පලකරයි.

මෙම කිඹුලන් දින කිහිපයක් මෙම ළිඳේ ආහාර නොමැතිව සිරවී සිට ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

Mohamed Dilsad

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

Mohamed Dilsad

Leave a Comment