ප්‍රමුඛ පුවත 1

කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.

(UTV| කොළඹ) – ඊයේ(10) සිට ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ ‍කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එම පරීක්ෂණ සඳහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගැනීමේ ප්‍රමාදයක් තිබූ  බවයි.

පසුව ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගෙන පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ ‍කළ බව  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ සිදු කරන ලද පටකවේදී පරීක්ෂණ මාස 04 ක කාලයක සිට සම්පුර්ණයෙන්ම නතර කර තිබු බවට ඊයේ (09) මාධ්‍ය මඟින් වාර්තා කළේය.

ඉන් පසුව ඒ කෙරෙහි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් විද්වත් සාකච්ඡාවක්.

Mohamed Dilsad

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

2019 හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

Leave a Comment