ප්‍රමුඛ පුවත 1

යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධියේ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(UTV| කොළඹ) – යාපනය දී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව කියන එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් මහතා නියෝග කළේය.

ඊයේ(10)  මෙම නියෝග නිකුත් කර තිබේ.

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩු විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත එලෙස නියෝග කෙරිණ.

විද්‍ය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රිගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත උපකාර කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

ශ්‍රිගජන් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය අධිකරණයට පැවසීය.

නඩු විභාගය එළැඹෙන ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

රාජිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment