ප්‍රමුඛ පුවත 1

ජාතික පාසල් රැසක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සිට

(UTV| කොළඹ) – දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (16) සිට නොවැම්බර් 10 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

මේ වනවිටත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ කැඳවීම් ලිපි යොමු කර අවසන්= බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලයේ නිසි පරිදි පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබූ බවත් ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලක සේවය කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බඳවා ගන්නා විදුහල්පතිවරුන් 2018 වසර අවසානයට පෙර ජාතික පාසල්වල අදාළ පුරප්පාඩු සඳහා ස්ථානගත කිරීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනය Gaungxi නිෂ්පාදන ප්‍රදර්ශනය ඇමති රිෂාඩ් අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් පරිත්‍යාග කල ගිනි නිවන රථ දෙකක් භාරදෙයි

Mohamed Dilsad

අපේක්ෂකයන් පිළිබඳව ප්‍රතිපත්තිමය සටනක් කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment