ප්‍රමුඛ පුවත 1

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(උදයම්,යාපනය ) – යාපනය සිට කිලිනොච්චි දක්වා මෝටර් රථයකින් ගංජා කිලෝ 22 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලුයම 2 ට පමණ ඔවුන් පලෙයි නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඉදිරිපස අසුනේ පුද්ගලයෙකු ළඟ තිබී ගංජා පාර්සල් 6 ක් ද පිටුපස අසුනේ තිබී තවත් පාර්සල් 4 ක්ද  සොයා ගත් බවය.

සැකකරුවන් වැල්වැටිතුරේ සහ නෙල්ලි අඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

Mohamed Dilsad

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

Mohamed Dilsad

Leave a Comment