ප්‍රමුඛ පුවත 1

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි

(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂාව නිසා එම නඩත්තු කටයුතුවලට බාධා එල්ල වී ඇත.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ(22) අලුයම 3.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතර දී  පීලිපැනීමට ලක්විය.

දුම්රිය මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම පීලිපැනීමට ලක් වූ අතර මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය කෙරෙන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනක් අමාත්‍ය ධුර සඳහා දිවුරුම් දෙයි

Mohamed Dilsad

එජාපය හා ශ්‍රීලනිපය අභිබවා ජවිපෙ වැඩිම ආදායම් ලබන පක්ෂය වෙයි

Mohamed Dilsad

Leave a Comment