ප්‍රමුඛ පුවත 1

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම්

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

එම බන්ධනාගාරයේ තවත් නිලධාරීන් 4 දෙනෙකු ස්ථාන මාරු වීම් ද කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගියදා බන්ධනාගාර නිරීක්‍ෂණ කුළුණ මතට නැග විරෝධතාවක නිරත වීම පිළිබඳ සිද්ධියේදී රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත මෙම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර රැඳවියන් බැලීමට පැමිණෙන කුඩා දරුවන් මගින් නීති විරෝධී උපකරණ බන්ධනාගාර තුළට යැවීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ආශ්‍රිතව යොදවා ඇති විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් අතර සිටි කුඩා දරුවෙකු පරීක්ෂා කිරීමේදී මුදල් හමුවීමත් සමග එම තොරතුරු අනාවරණය වී ඇති බව ය.

පරීක්ෂාවට භාජනය වූ එම දරුවා සන්තකයේ තිබී රුපියල් 5000ක මුදලක් එම අවස්ථාවේ හමුවී ඇතැයි ද අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා රැඳවියන් බැලීමට පැමිණෙන බාහිර පාර්ශව පිළිබඳ කළ පරීක්ෂා කිරීම්වලදී සිම් පත් 5ක් ද හමුවී ඇති බව ය.

මේ අතර විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති වැලිකඩ, කොළඹ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කඩිනමින් අනියුක්ත කරන බව ද අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් පසු විශේෂ කාර්ය බලකාය එම බන්ධනාගාර වෙත ද යොදවන බව ය.

මේ අතර අනෙකුත් බන්ධනාගාර තුළ සිදු වන නීති විරෝධී ක්‍රියා මැඩලීමට බන්ධනාගාර බුද්ධි අංශය ද යෙදවීමට බන්ධනාගාර අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

අමාත්‍යංශය සඳහන් කළේ, දැනට 100 දෙනෙකුගෙන් සමන්විත බුද්ධි අංශය 200ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොකු ලූණු ආනයනයට සීමා

Mohamed Dilsad

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට

Mohamed Dilsad

පස්වරුවේ තද වැසි

Mohamed Dilsad

Leave a Comment