ප්‍රමුඛ පුවත 1

34 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේ

(උදයම්,කොළඹ)  – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කවුන්සිලයේ 34 වන සැසිවාරය අද(27) සිට මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගීවිම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා නුවර ලබා පිටත්වගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට(28) දිනයේදි ජිනීවා මානව  හිමිකම් සැසිය ඇමතීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මීට අමතරව සුළු ජාතීන්ගේ ගැටළු පිළිබද සොයා බැලීම සඳහා මෙරටට පැමිණි විශේෂ නියෝජිතවරියගේ වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කර තිබේ.

 

Related posts

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

අනුරාධපුර නගරාධිපති ඇතුළු 07 දෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment