විදෙස්

සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණු

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමෙරිකාව පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසන්නේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ සිදුවූ ඝාතනය සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තහවුරු කිරීමේ තවත් සාක්ෂි අපේක්ෂා කරන බවයි.

නමුත් එලෙස සම්බාධක පැනවිය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබිය සමඟ ආර්ථික සබඳතා මුළුමනින්ම අත්හිටුවීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

ඒ සෞදි අරාබිය ඇමරිකාවේ විශාලතම අවි ගැණුම්කරු වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානය ඉවත් වෙයි

Mohamed Dilsad

කොවිඩ් හඳුනා ගන්න App එකක්

Mohamed Dilsad

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment