ප්‍රමුඛ පුවත 1

“ජලනිම්න – හරිත අරණ” රැක් රෝපණ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරේ

(UTV| කොළඹ) – වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක “ජලනිම්න – හරිත අරණ” රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරිණි.

සුවිශේෂී ශාක ප‍්‍රජාවකින් සමන්විත ගංගා ඉවුරු වෙනම වනාන්තර වර්ගයක් ලෙස හැදින්වෙයි. ගංගා ජලයට පස් අංශූ මිශ‍්‍රවීම වළක්වා පාංශූ සංරක්ෂණට දායක වීම ගංගා ඉවුරු ශාඛ ප‍්‍රජාවේ ප‍්‍රමුඛ පාරිසරික සේවාවකි. “ජලනිම්න – හරිත අරණ” වැඩසටහන මෙම සංවේදී පරිසර පද්ධති රුක් රෝපණය මගින් ප‍්‍රතිස්ථාපනය කිරීම අරමුණු කරයි.

සෝමාවති පුදබිම පරිශ‍්‍රයේ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ කරඳ පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේ ය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල, අධ්‍යක්ෂ ජනරාල් සී.එච්.ජී.ආර්. සිරිවර්ධන, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව සෝමාවති පුදබිම වෙත පැමිණ ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශී‍්‍ර සුමංගල නායක හිමිපාණන් වහන්සේ විසින් එහි දී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

මේ අතර සෝමාවති පුදබිම වැඳපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නය සහ සැදැහැවත් ජනතාව වෙනුවෙන් නේවාසික පහසුකම් සලසමින් සෝමාවති පුදබිමේ ඉදිකෙරුණු නව තෙමහල් විශ‍්‍රාම ශාලාව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සෙන්ට‍්‍රල් බෙයාරිංග්ස් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතාගේ සහ දායක සභාවේ ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 30 ක පමණ වියදමින් මෙම නව විශ‍්‍රාම ශාලාව ඉදිකර තිබේ.

හිටපු අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

Mohamed Dilsad

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment