ප්‍රමුඛ පුවත 1

ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයි

(UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත‍්‍රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම ප‍්‍රදේශවල අද රාත‍්‍රිය වනවිට අඩු පීඩන තත්වයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

මේ නිසා අද(05) රාත‍්‍රියේ සිට දිවයින සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු දීමනා ඉහළට

Mohamed Dilsad

ඇමති ෆොන්සේකා CIDයට එයි

Mohamed Dilsad

තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවත්වීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment