ප්‍රමුඛ පුවත 1

ආක්‍රමණශීලී දළඹු විශේෂයක්,හඳුනාගත හොත් දන්වන්න

(UTV| කොළඹ) – “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.

මෙම දළඹුවන් ආක්‍රමණශීලී දළඹු විශේෂයක් බව හඳුනා ගෙන ඇත.

මෙම සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙනි.

මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවේ සිටින බවට වාර්තාවූ අතර මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්‍රමණශීලී දළඹුවා වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (07)  පස්වරුවේ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.

මෙම දළඹු විශේෂය නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන අතර ඔවුන්ට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැක.

මෙම එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබයි.

එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිඝ්‍රයෙන් සිදු වේ.

මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා අවශ්‍ය කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් හට උපදෙස් දී තිබේ.

එම නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගනයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගාවන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම – අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment