ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අනුමැතිය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සඳහා පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඊයේ (08දා) ‘අපේ ගම’ පරිශ්‍රයේදී රැස් වු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමස්ත ලංකා කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට අමතරව දේශපාලන මණ්ඩලයක් ඇති කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

මේ සඳහා පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව තිබෙන බැවින් පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඊයේ (08) සමස්ත ලංකා කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

මීට අමතරව ධීවර වෘත්තීය සමිතියක් ඇති කිරීමට අනුමැතිය හිමිව තිබෙන අතර, පක්‍ෂ ප්‍රතිසංවිධාන යටතේ සිදු කර තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

උතුරු පළාත් සභාවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

Leave a Comment