ප්‍රමුඛ පුවත 1

පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැලණි පාලම අතර කොටසක් තාවකාලිකව වසයි

(UTV| කොළඹ) – කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැලණි පාලම අතර කොටසක්  තාවකාලිකව වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

එම කොටස නැවත දැනුම් දෙනතුරු වසා තැබෙනු ඇත.

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙලෙස මාර්ග කොටසක් වසා තැබේ.

ඒ අනුව ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ නුවර මාර්ගයේ, ඒ එක කොටස සහ කොළඹ පුත්තලම මාර්ගයේA3 කොටසේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ගමන් ගන්නා වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කර තිබේ.

පොලීසිය පැවසුවේ කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගී මාර්ගය හරහා පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ නුවර මාර්ගයට සහ කොළඹ පුත්තලම මාර්ගයට පිටවීම ද තාවකාලිකව නතරකර ඇති බවයි.

නමුත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා කිසිදු අවහිරයක් නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

Mohamed Dilsad

Leave a Comment