ප්‍රමුඛ පුවත 1

“ගජා”සුළි කුණාටුව හේතුවෙන් ධීවර කටයුතු වලින් වළකින්නැයි උපදෙස්

(UTV| කොළඹ) – මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජා” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කිලෝ මීටර 900 පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අද (12) සහ හෙට (13) ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 24 තුළදී මේ තත්ත්වය තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුළදී බස්නාහිර දෙසට ගමන් කර ඉන් අනතුරුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 – 50දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment