ප්‍රමුඛ පුවත 1

උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේ

(UTV|කොළඹ) – උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අද (23) අලුයම 1.30 ට පමණ අඩි දෙක බැගින් විවෘත කළ බව ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ෙජලාශයේ පෝෂක ප්‍රදේශ වන කල්තොට. බලංගොඩ ඇතුඵ ප්‍රදේශ රැසක තද වැසි ලැබිමත් සමග උඩවලව ජලාශයේ ජල ධාරිතාව ඊයේ (22) රාත්‍රිය වනවිට අක්කර අඩි දෙලක්ෂ 23 දහසක් පමණ ඉහල ගොස් ඇති බවත් එ මහතා කියයි.

මේ හේතුවෙන් එමගින් ජලය තත්පරයට ඝනඅඩි දෙදහසක් වලවේ ගගට මුදා හැරෙන බවත් ,අධික ජල ප්‍රමාණයක් වලවේ ගගට එක්වන නිසා ගග දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙස හෙතෙම දැනුම් දෙයි.

විශේෂයෙන් අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

තානාපති නිලධාරිනියගේ ඉදිරි කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment