ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී 27 ත් වැනිදා CIDයට

(UTV| කොළඹ) – 2007 වර්ෂයේදි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 27 වැනිදා පෙරවරු 10 ට එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස  දන්වා ඊයේ   (23) ලිපියක් යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ ද ඒ මහතා කැඳවූවත් නොපැමිණි බවත්, ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය නියෝග කර ඇති බවත් පොලිසිය කියයි.

2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමට රොබෝවරු

Mohamed Dilsad

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment