ගොසිප්

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

(UTV| කොළඹ) – ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ සදහා රජයට බලකිරීමට සිය සංවිධානය කටයුතු කරන බවද හෙතෙම කියයි.

මෙම ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සහ සරත් ෆොන්සේකා සම්බන්ධ බව ජනාධිපතිතුමා හෙලි කල බවත් හමුදාවේ ඉහල පුටු වෙනස් කරන ලෙසට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට බල කළ බවටද තොරතුරු හෙලිව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ෆීල්ඩ් මාෂල්වරයා  වහාම අත්අඩංගුවට ගත යුතු බව අජිත් ප්‍රසන්න මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment