ප්‍රමුඛ පුවත 1

අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ධුරයේ කටයුතු තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කථානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19  වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන්  කියා සිටියේය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව දෙසැම්බරයට කල් යයි

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි බාරගැනීමට විශේෂ ඒකකයක්

Mohamed Dilsad

හලාවත ගින්නක්.වෙළෙඳසැල්‍ 9 කට හානි

Mohamed Dilsad

Leave a Comment