ප්‍රමුඛ පුවත 1

විධායක බලය භාවිතා කළේ රට බේරාගන්න – ජනපති

president

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේනනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව.

අපිට අභියෝග පැමිණි විට මුහුණ දුන්නේ ජනතාවගේ ශක්තියෙනුයි. වර්තමාන අභියොගවලට මුහුණ දෙන්නත් මෙම විශේෂ සමුළුව අවස්ථාවක්. අපි පණිවිඩයක් දීමටයි අපේක්ෂා කරන්නේ. නිදහස් පක්ෂයේ ඉතිහාසය මා මෙන්ම ඔබත් රටත් දන්නවා.

ඉතිහාසය ගොඩනැගී තිබෙනේ දේශමාමකත්වය ප්‍රමුඛව අපේ සංස්කෘතින් මුල්කරගත් ජාතික සමගිය මුල්කරගත් දේශපාලන සන්දර්භයක් තුළයි. සියලු ජාතීන්ගේ දේශපානන වේදිකාවක් SWRD බණ්ඩාරනායක මහතා හැදුවේ.

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය හිස් දේශපාලන පක්ෂය හදිසියේ හැඳුණ පක්ෂයක් නෙමෙයි. නව දේශපාලන ගමනක් සඳහා බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේ සිය සටන්කරුවන් හා සගයින් සමගයි.

එසේ බිහිවූ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය පෝෂණය වූයේ එක්කෙනෙකුගේ දෙදෙනෙකුගෙන් නොවෙයි. බණ්ඩානායක මැතිණිය, චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය. දමූ දසනායක, ජෙයාරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් ඇතුළු පිරිසකගෙන්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ආ ගමන් මගේදී රනිල් වික්‍රමසිංහගේ අන්ත ලිබර්වාරදී කුණු දේශපාලන ප්‍රවාහය පරාජය කරන්න සැමවිටම ශක්තියක් වී ඉදිරියට යනවා.

අද ඇතිවී තිබෙන ප්‍රශ්ණය කුමක්ද රට තුළ දේශපාලන ගැටුමක් නෑ. රට තුළ දේශපාලන අර්බුදයක් තිබෙනවා. ඒ තුළ නොසන්සුන්තාවක් තිබෙනවා.

ගැටුම් නිරාකණය කළමනාකරණය විද්‍යාවක්. දේශපාලන අර්බුදය විග්‍රහ කිරීමත් විද්‍යාවක්. මේ දේශපාලන අර්බුදයේ පසුබිම කුමක්ද 2015 ජනවාරි 8 දා මා බලයට පත්කළ මේ රටේ 6250000කට වැඩි ජනතාවට මා හිස නමා ආචාර කරනවා.

මම 2014 නොවැම්බර් 21 දා ගත් තීරණය එදාටත් වඩා අද නිවැරදියි. එය යුගයේ අවශ්‍යතාවක් බවට පත්වුණා. එසේම පසුගිය ඔක්තෝබර් 26 දා ගත් තීන්දුව නිවැරදි දේශපාලන තීන්දුව නිවැරදියි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්.

රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළා මෙන් රට  විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා.

ඒ සියල්ලමට දීමට තිබූ එකම විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එක මම තීරණය කළා. අපි අපට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා.

ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලයේදී කිව්වා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. රට විනාශ කිරීම මගේ ශක්තියෙන් පාලනය කළා. ඔහු දරදඩු මිනිසෙක් ලෙස ලිබර්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළා.

උතුරේ ජනතාව රැවට්ටුවා. උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ ඔහු හිතාමතාම අතපසු කළා. මේ ගත්තාවූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදියි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීම් මා ගත් තීන්දු තීරණ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත් රට ගැන හිතන ජනතාව ගැන හිතන මානව වාදි ප්‍රබුද්ධයින්ගේ ගමන් මගක් ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා.

මම ගැසට් නිවේද පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා. රනිල් විකමසිංහ මහතා ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල්දාන්න, පාර්ලිමේන්තුව විසුරුවාහරින්න මම විධායක බලය භාවිත කළේ මම රට බේරගන්න  බව ඔබට පැහැදිලිව කියන්න ඕන.

මේ දේශපාලන අර්බුදය අපේ රටට 48න් පස්සේ අලුත් අත්දැකීමක්. ලෝකයට මෙය අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවලන්වල මෙවැනි අර්බුද නොසන්සුන්තාවන් අපි දැක්කා.

ජර්මනියේ මාස හයක් ආණ්ඩුව නෑ. ඉතාලියේ සති පහක් ආණ්ඩුවක් නෑ. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා එක් රැයකින් වෙනස් වුණා. පාර්ලිමේන්තුවේ ගැටුම් අපේ විතරද? අපේ රටේ සිදුවූ දේ හරි කියලා මම කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මම පිළිකුල් ලෙස හෙළා දකිනවා.

අපේ මතවාදය ජයග්‍රහණය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අවට වටපිටාව ගැන අවධානය යොමුකළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ගිය අයට නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නෑ. කිහිපයකට අතුරු තහනම් නියෝග දුන්නා. නඩු ගණනාවක් තිබෙනවා. මේ නඩු මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ නඩු නොවෙයි. මේවා දේශපාලන නඩු.

මේ නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන රටේ ජනතාව මත විවිධ අදහස් තිබෙනවා. මම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දු තීරණ මම භාර ගන්නවා. අධිකරණයේ තීන්දු ගැන ජනතාවගේ මතය වෙනස්. කොටසක් කියනවා අධිකරණය මධ්‍යස්ථයි කියලා. ඇතැම් අය කියනවා අධිකණය ඒකපාර්ශ්වීයයි කියලා.

සමහර කියනවා මහානායක හිමිවරුන් කියන්න බණ විහාරාධිපති මහානායක හිමිකෙනෙක් කියලා කියලත් කියනවා. මේ දේශපාලන අර්බුදය තුළ අපි හැසිරෙන්නේ නීතිගරුකව විනයගරුකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමය කරමින්.

රනිල් වික්‍රමසිංහ මහතා අහිමි වූ පුටුව  ලබා ගැනීමට විදේශීය තානාපතිවරුන් වන්දනා කරනවා. අපි වන්දනා කරන්නේ ජනතාවයි. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මම තුන්වරක් හමුවුණා. අපි පොහෝට්ටුවේ අයත් සමග මිත්‍රශීලීව සාකච්ඡා කරනවා.

එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා.

ඔහුගෙයි මගෙයි පුද්ගලික, පාට පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. ඔහු රටට නොගැලපෙන් දේශපාලඥයෙක්. ඔහුගේ දර්ශනය රටට ගැලපෙන්නේ නෑ. ඔහු  හිතනපතන විදිහ රටට ගැලපෙන්නේ නෑ.

මාව ජනපති කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයන් මට වෛර කරන බවත් දන්නවා. එක්සත් ජාතික පක්ෂ නායකයිනි ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවණීය දේශපාලන පක්ෂය විනාශ කළා.

ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රටට ආදරෙයි.මේ මනුස්සයට ඒ කිසිවක් දකින්නේ නෑ. ඔහු අන්ත දේශපාලන ලිබරල්වාදී දර්ශනයෙන් ඔහු හිරිවැටිලා.

මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී හෙට දවසේ රට වෙනුවෙන් තිබෙන යුතුකම් හා වගකීම් ඉටුකරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. කිසිවෙකුටත් පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ.

දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව අවසන් කරන බව මම පැහැදිලිව කියනවා. එය ඔබ වෙනුවේන රට වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන්. මෙි සියලු පක්ෂ විසඳා ගන්න සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රශ්නවලට මම සාමයේ දෑත් දිගුකරනවා.

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටිය අත ගහමු.”

Related posts

ප්‍රසන්න රණවීරට ඇප

Mohamed Dilsad

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයේ අවධානම් ලැයිස්තුවට

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශවල තද වැසි

Mohamed Dilsad

Leave a Comment