ප්‍රමුඛ පුවත 1

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

(UTV| කොළඹ) – 2019 සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බවත් හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

“පැහැදිලිව කියනවා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න දේනනේ නෑ. ජනපතිතුමාට පොරොන්දු වුණත්19 වැනි සංශෝධනය ගේනවා ඉන් පස්සේ 20 වැනි සංශෝධනය ගේනවා කිව්වා. එහෙම වුණේ නෑ. 19 සංශෝධනය වෙනස් කරලා රටට සංශෝධනයක් ගේනවා. අපි ගිය ආණ්ඩුවේ තුනෙන් දෙක නැතිකරලා තියෙනවා. අපි ඒ අවස්ථාව දෙන්නේ 19 වැනි සංශෝධනයේ තිබෙන ඒවා අයින් කරලා 20 වැනි සංශෝධනයක් ගේනවානම්”


Related posts

ජනපති උපදෙසින් සයිටම් සිසුන් මසක් තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment