ප්‍රමුඛ පුවත 1

අද වැසි වැඩි වන ලකුණු

(UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් අද (22) දිනය තුල ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මීට අමතරව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේඋතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවට ගත් පුජිතට ඇප [VIDEO]

Mohamed Dilsad

උණුසුම් කාළගුණය තවදුරටත්

Mohamed Dilsad

ලලිත් වීරතුංගගේ රට ගමන් තහනම ඉවතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment