ප්‍රමුඛ පුවත 1

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

(UTV| කොළඹ) – උතුරේ ජල ගැලීම් ඇතුළු ආපදා හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 18,500 ඉක්මවන බව විපතට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආරක්ෂිත ස්ථාන 38ක විපතට පත් පවුල් 3600ක පමණ පිරිසක් රඳවා තිබේ.

ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර, වියලි ආහාර සහ අනෙකුත් සහන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 10ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස 224කට අර්ධ හානි සිදුව තිබේ.

හානි තක්සේරුවකින් අනතුරුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර රාජාංගණය, දැදුරුඔය සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදුන් සහයට ජනපති චීනරජයට තුති පුදයි

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර ගිවිසුම අත්සන් තබයි [LIVE]

Mohamed Dilsad

Leave a Comment