ප්‍රමුඛ පුවත 1

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවර

(UTV| කොළඹ) – උතුරු පළාතේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය වහාම සපයන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා උපදෙස් ලබාදෙයි.

ඒ අනුව ලංකා සතොස හරහා මෙම ද්‍රව්‍ය ලබාදෙන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව රිපියල් මිලියන 12ක් වටිනා ආහාර ද්‍රව්‍ය , සහනාධාර හා සනීපාරක්ෂක දෑ රැගත් ලොරි රථ 6ක් ඊයේ දිනයේ උතුරු ප්‍රදේශ වලට පිටත් කර යවා ඇත.

මේ වන විට උතුරු පළාතේ පවතින ගංවතුර හා දැඩි සුළං හේතුවෙන් පවුල් 29119 කට අයත් 91761 දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

Mohamed Dilsad

ප්‍රහාර වලින් මිය ගිය චීන ජාතික විද්‍යාඥයින්ගේ සිරුරු චීනයට

Mohamed Dilsad

මහීල් බණ්ඩාර ලබන 18 වනදා දක්වා රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment