ව්‍යාපාරික

සංචාරකයන්ගේ පැමිණීම 10.3% කින් ඉහලට.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව 2018 වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීම 10.3% න් වර්ධනය වී ඇත.

එනම් 2018 වසරේ සංචාරක පැමිණීම මිලියන 2,333,796 ක් පෙන්නුම් කරයි.

එය 2017 වර්ෂයේ මිලියන 2,116,407ක් වූ අතර  සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි,මාර්තු,ජුනි හා නොවැම්බර් මාසවලදී ඉහළ මට්ටමක පැවතුණි.

පසුගිය සමයේ ඇති වූ දේශපාලන අර්බුද නොසලකා ද සංචාරක පැමිණීම බිලියන 3.5ක ඉලක්කයක් ළඟා කරගෙන තිබෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමකට පත් වෙමින් පසුගිය වර්ෂයට වඩා මිලියන 04ක සංචාරක වැඩි වීමක් අපේක්ෂා කරන අතර 2019 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 5ක සංචාරක ආදායමක් ළඟා කර ගැනීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය..

සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව ඉන්දියාව,චීනය,එක්සත් රාජධානිය හා ජර්මනිය සංචාරකයන් බහුල ලෙස මෙරටට පැමිණෙන රටවල් බවට පත් වී ඇති අතර 2018 වර්ෂය වන විට ඕස්ට්‍රේලියාවෙන් ද සංචාරකයන් පැමිණීමේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කරාබුනැටි ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් එළවළු වගාවට හානි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වැසෙයි

Mohamed Dilsad

Leave a Comment