ප්‍රමුඛ පුවත 1

අංගොඩ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් සොයාගනියි…

(UTV| කොළඹ)  – ඊයේ (08) රාත්‍රියේ මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක් වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ තොටුපළක් අසළ දමා ගොස් තිබියදී ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

එම යතුරුපැදිය වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සම්බන්ධ ද යන්න පිළිබදව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතියි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කැළණිමුල්ලේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

Mohamed Dilsad

ඛනිජ තෙල් වෘතීය සමිති වර්ජනය අවසන්

Mohamed Dilsad

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment