ප්‍රමුඛ පුවත 1

රථවාහනවලට අදාළ ‘ඊ-මෝටරින්’ ක්‍රමය එළැඹෙන ජූලි සිට…

(UTV| කොළඹ) – රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

මෙහිදී වාහන ලියාපදිංචි කිරීමේ සිට පැවරීම් ඇතුළු සියලු කටයුතු සිදුකරන අතර එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව ජනතාවට තම වාහනවලට අදාළ කටයුතු කාලය, ශ්‍රමය හා මුදල් වැය නොකර සිය නිවෙසේ හෝ කාර්යාලයේ සිට සිදුකරගත හැක.

ආනයනය කරන සියලුම රථවාහනවලට වීඅයිසී ලේබලයක් නිකුත් කරන බවත් කිව්.ආර්. කේත මඟින් අදාළ වාහනයේ සියලුම තොරතුරු හා දත්ත ඊට ඇතුළත්කර ඇති බැවින් එකී වීඅයිසී ලේබලය නොමැතිව කිසිදු වාහනයක් ලියාපදිංචි කළ නොහැකි බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

මේ නිසා වාහන ලියාපදිංචි කිරීමේදී පැවැරීමේදී හෝ වෙනත් කටයුතුවලදී අතරමැදියන් මඟින් සිදුවන අක්‍රමිකතා සම්පූර්ණයෙන් වැළැකෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

දිවයින පුරා ඇති සියලුම රියැදුරු පාසල් ලබන 16 වනදා සිට මාර්තු 31 දක්වා පොලිසියේ සහාය ඇතිව පුළුල් පරීක්ෂාවකට ලක්කර ලියාපදිංචි නොකළ නිසි ප්‍රමිතියක් හා සම්පත් නොමැති අඩුපාඩු සහිත රියැදුරු පාසල්වලට එරෙහිව නීති මඟින් ක්‍රියාකරන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

Mohamed Dilsad

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

Leave a Comment