ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු යෙදවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පොලීස් නිලධාරියෙකු සඳහන් කාලේ මේ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු බැගින් යෙදවීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් ශ්‍රීලංකා පොලිසිය සතුව නොමැති බවත් එම නිලධාරියා පැවසීය. ය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ගණන 1500 කට වැඩි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

සහල් මිල ගැන තීරණයට සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

සයිටම් විරෝධයට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment