ප්‍රමුඛ පුවත 1

ජාතික වනෝද්‍යාන සදහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම අද (14) සිට අන්තර්ජාලයෙන්…

(UTV| කොළඹ) – වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.

මෙම ක්‍රමය ඔස්සේ ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ යටතේ ප්‍රථමයෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කරන අතර, පසුව අනෙකුත් ජාතික වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශපත්‍ර අලෙවිය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ක්‍රමය හඳුන්වාදීමේ නිල උත්සවය අද (14) දින සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment