ප්‍රමුඛ පුවත 1

බේරුවල හෙරොයින් සිද්ධියට තවත් 04 ක් රිමාන්ඩ්..

(UTV| කොළඹ) – රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් ලබන 25 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔවුන් මෙම සිද්ධියේ පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් ලෙස නම් කරනු ලැබිණි.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජගත් රත්නායක, ජගත් ප්‍රියදර්ශන, සුරේන්ද්‍ර ලක්ෂාන් සිල්වා සහ මෛත්‍රීපාල මද්දුමගේ යන සැකකරුවන්ය.

මෙම සැකකරුවන් අද (18) නීතිඥයකු මගින් අධිකරණයට බාරවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

Mohamed Dilsad

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment