විදෙස්

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක් අසළ වළ දමා තිබූ ගැහැණු ළදරු කළල 19ක් සොයා ගනී.

නීතිවිරෝධී ගබ්සා කිරීමක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර ඉන්දීය පොලීසිය විසින් එම කළල තොගය සොයා ගෙන ඇත.

මෙම කළල සියල්ල ගබ්සා වලින් ඉවත් කර ගන්නා ලද ඒවා බවට විශ්වාස කරන බව ඉන්දීය බලධාරීහු පවසති.

මෙලෙස නීතිවිරෝධී ගබ්සාව සිදු කිරීමේදී මිය ගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා සොයා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පවුලකට ගැහැණු දරුවෙකු ඉපදීම අභාග්‍යක් ලෙස ඉන්දියාවේ ඇතැමුන් අතර තවමත් පවතින විශ්වාසයකි.

Related posts

ශ්‍රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.

Editor O

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

Leave a Comment