ප්‍රමුඛ පුවත 1

මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..

(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම හිටපු මන්ත‍්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන අපේ‍්‍රල් 04 දින විභාගයට ගැනිමට පාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන අභියාචනාධිකරණය විනිසුරුවරු අද (30)නියෝග කළහ.

මෙම පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින නාවික ලූතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ තමා රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින බවත් , ඒ අනුව නීතීඥවරයකු ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අභියාචනා පෙත්සම ලබන අපේ‍්‍රල් 04 වැනිදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට නීතීඥවරයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දෙවැනි වගඋත්තරකරුට නියම කෙරුණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත ජූරි සභාව හමුවේ මෙම නඩු විභාග පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා 2016 ඔක්තෝබර් 27 වැනිදා අවසර දුන් බව පෙත්සමේ දැක්වේ.

පසුව ජූරි සභාව සිංහල භාෂාව කතා කරන අයගෙන් සමන්විත විය යුතු බවට විත්තිකරුවන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව විශේෂ ජූරි සභාවක් මහාධිකරණ විනිසුරුවරයා විසින් පත් කරන ලද බව පෙත්සමේ දැක්වේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් නොවී ජූරි සභාවක් පත් කිරීමෙන් අගතියක් සිදුව අතැයි පෙත්සමේ සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

Mohamed Dilsad

මැගසින් බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment