ප්‍රමුඛ පුවත 1

වැලිකඩට හෙරොයින් ගෙන ගිය බන්ධනාගාර සැරයන් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුලට හෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනේ.

මෙය  වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක මහතාගේ හා වැලිකඩ ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර මහත්වරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් සමත්වූ බව බන්ධනගාර බලධාරීහු පවසති.

අදාල බන්ධනාගාර සැරයන් වරයා පිළිබඳව සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම හෙරෝයින් ඔහු ලඟ තිබී සොයාගෙන ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගත් බන්ධනාගාර සැරයන් වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකාර බන්ධනාගාර සැරයන්වරයා විසින් බන්ධානාගාරය තුලදී පාවිච්චි කළ ඔහුගේ උපකරණය තබන ලොකර් එක සෝදිසි කිරීමේදී රුපියල් අසූ පන්දහසක (රු.85,000.00) මුදලක් හා ජංගම දුරකතන දෙකක් සොයාගැනීමට හැකිව ඇත.

මේ සිදුවීම සම්බන්ධව අද(31) වැලිමඩ නව උසාවි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරණ මහත්මිය පැවසූවේ මෙවැනි විනය විරෝධී ක්‍රියා සිදුකරන නිළධාරීන් වෙනුවෙන් තරාතිරම නොබලා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Related posts

යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක්

Mohamed Dilsad

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

Mohamed Dilsad

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment