ප්‍රමුඛ පුවත 1

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක්…

(UTV| කොළඹ) – අද (06) දිනයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට අදාළව වතු සමාගම් සමඟ සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් රජය වහාම පියවරක් නොගතහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවත් එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

ඒ පිළිබඳව අද හෝ හෙට තම දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

ඊයේ (05) පස්වරුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා ඇත.

රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුුමේදී තීරණය කෙරුණේ එය රුපියල් 700 දක්වා වැඩි කිරීමටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රීවරු 05 දෙනෙක් කරපු වැඩක්…

Mohamed Dilsad

රත්‍රන් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

Leave a Comment