ප්‍රමුඛ පුවත 1

අද සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවයි .

(UTV| කොළඹ) – දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද (11) සිට අනිද්දා (13) දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (11) රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට කඩින් කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි දින කිහිපය තුල දිවයිනේ අපේක්ෂා කෙරෙන දැඩි වර්ෂාව පිලිබද ධීවර හා නාවික ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම ජනතාවට නිවේදනය කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ අධික වර්ෂාවත් සමග කදුකර ප්‍රදේශ නායයාමේ අවධානමක්ද පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මඩකලපුව හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරු ත්‍රස්තවාදියාගේ හිස යළි ගොඩ ගැනේ [video]

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

Mohamed Dilsad

ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment