ප්‍රමුඛ පුවත 1

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිනියට

(UTV| කොළඹ) – හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය  නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඊයේ(12) පස්වරුවේ සිදු විය.

එම කමිටුව 2015අප්‍රේල් මස 06 වන දින සාමාජිකයින් දොළොස් දෙනෙකුගෙන් යුතුව පත් කර ඇති අතර භාරදුන්  වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඒ අනුව 2015 වසරේ අප්‍රේල් මස 06 වන දින එවකට අධිකරණ අමාත්‍යවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ,අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ඩී.අරන්දර ,අධිකරණ අමාත්‍යාංශයේ උපදේශිකා දිල්හාරා අමරසිංහ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.බී.පිලපිටිය, නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂී සමරවීර කොළම ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,ඇහැලියගොඩ දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජේ.ඒ.එස්.පී.අබේව්ක්‍රම, කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර තිබේ

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති ක්‍රියා පටිපාටිය හදිසි මරණ මරණයකදී ඔවුන් ක්‍රිය කළ යුතු ආකාරය පිළිබඳව භාර දුන් වාර්තාවේ ඇති නිර්දේශවලට අනුව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි.

වර්තමානයට ගැළපෙන ආකාරයට හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති කාර්ය පටිපාටිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වාර්තාව භාරදීමේ අවස්ථාවට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා ,අධිකරණ වෛද්‍ය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි යන මහත්වරුන් එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්විම ජුනි 18 පැවැත්වෙයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට විටින්විට වැසි

Mohamed Dilsad

Leave a Comment