විදෙස්

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 48 දෙනෙක් මිය යති.
90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක් බෝම්බ පිපිරීමක් කාබුල් නගරාධිපතිවරයා රැදී සිටි තානායමක සිදුව තිබේ.
ඉන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස්, 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ අතර ඇෆ්ගන් පාර්ලිමේන්තුව අසළ ද බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් 30 දෙනෙක් මිය ගියහ.
එම පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 80කි.

එසේම හෙල්මන්ඞ් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

Related posts

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

Mohamed Dilsad

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

Mohamed Dilsad

කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

Leave a Comment