ක්‍රීඩා

මොහාන් සහ රවීන් ක්‍රිකට් නිලවරණ තරඟයට

(UTV|) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය හෙට(21) පැවැත්වීමට නියමිතය.

එහිදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් තනතුර සඳහා ද, රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති සහ සහකාර ලේකම් තනතුරු සඳහා ද තරගවැදීම සඳහා බාධාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අද(20) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට දැනුම් දුන් එම මතය සටහන් කරගත් විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව නිලවරණ කමිටුව දැනුවත් කරන මෙන් ද අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කර තිබේ.

යළි මෙම පෙත්සම් සලකා බැලීම මාර්තු මස 21 වනදා සිදු කරන බව අධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තය 20යි 20න් පසු බසී

Mohamed Dilsad

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

Mohamed Dilsad

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

Mohamed Dilsad

Leave a Comment