ක්‍රීඩා

ක්‍රිකට් නිලවරණයට සියල්ල සුදානම්

(UTV| කොළඹ) – අවස්ථා කිහිපයකදී කල් දමනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය අද (21)  පෙරවරුවේ පැවැත්වේ.

ඒ ක්‍රිකට් ආයතනයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදීය.

වසර දෙකක කාලයක් සඳහා එනම් 2021 දක්වා මෙම නිලවරණයේදී සභාපති, උප සභාපතිවරුන් දෙදෙනෙකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු හත සඳහා නිලධාරීන් පත් කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලන සහ අනුබද්ධ යන සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල ඡන්ද 147 ක් ඇති අතර, ඉන් ඡුන්ද 142 ක් මෙවර නිලවරණයේදී ප්‍රකාශ කෙරේ.

දකුණු පළාත් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට මෙවර ඡුන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාල්ල පරදා දඹුල්ලට ලකුණු 95ක ජයක්

Mohamed Dilsad

ICC යෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

Mohamed Dilsad

ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment