ක්‍රීඩා

අද දෙවැනි ටෙස්ට් තරඟයට එන අවසන් 11 දෙනා

(UTV| කොළඹ) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද (21) පොර්ට් එලිසබෙත්හිදි ආරම්භ වේ.

මෙම තරඟය සඳහා අබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් පිලැන්ඩර් ක්‍රීඩා නොකරයි.

ඒ වෙනුවට වයන් මුඩ්ලර් ක්‍රීඩා කරනු ඇති බවත් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

එසේම පෙර පුහුණූ සැසියක් අතරතුරදි අබාධයකට ලක්වු ශ්‍රී ලංකා ක්‍රිඩක කුසල් මෙන්ඩිස් අද (21) තරඟයට සහභාගි වීම අවසන් මොහොත කෙත් අවිනිශ්චිත බවත් එ වෙනුවට ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කරනු ඇති බවත් කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

අද (21) තරඟ සඳහා ක්‍රීඩා කෙරනු ඇතැයි පැවසෙන අවසන් 11 දෙනාද කණ්ඩායම් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

තරඟය පැවැත්වෙන පොර්ට් එලිසබෙත්හි සාන්ත ගොර්ජ් පාක් ක්‍රීඩාංගණයේ තණතිරුව මන්දගාමී තණතිරුවකි.

නමුත් අවසන් වතාවට ක්‍රීඩා කිරිමේදි කාගිසෝ රාබාඩා ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟයේදි කඩුලු 11 ක් දවා ගැනිමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම -1. දිමුත් කරුණාරත්න (නායක), 2. ළහිරු තිරිමාන්න, 3. ඔෂධ ප්‍රනාන්දු, 4 .කුසල් මෙන්ඩිස්/ඇන්ජලෝ පෙරේරා, 5. කුසල් පෙරේරා, 6 .නිරෝෂන් දික්වැල්ල (කඩුලු), 7. ධනංජය ද සිල්වා, 8. සුරංග ලක්මාල්, 9. ලසිත් ඇඹුල්දෙණිය, 10. කසුන් රාජීත, 11. විශ්ව ප්‍රනාන්දු

දකුණූ අප්‍රිකා කණ්ඩායම -1. ඩීන් එල්ගර්, 2. අයිඩ්න් මාක්රාම්, 3 .හෂීම් අම්ලා, 4. ෆප් ඩු ප්ලෙසිස් (නායක), 5. ටෙම්බා බවුමා, 6. කුවීන්ටන් ඩී කොක් (wk), 7. වයන් මුඩ්ලර්, 8 .කෙෂව් මහරාජ්, 9 .කාගිසෝ රාබාඩා, 10. ඩේල් ස්ටෙන්, 11. ඩුනේ ඔලිවර්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වේග පන්දු යවන ජොෆ්රා ආචර්ට ටෙස්ට් තරගාවලියකින් ඉවතට

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

කොරෝනා බලපෑමත් සමග චීනය ලොව විශාලතම පාපන්දු පිටියේ වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment