විදෙස්

රුසියාවේ රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

(UTV|රුසියාව) – ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් කර තිබේ.

ඒ රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුවය.

හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ.

450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දී තිබුණි.

නව පනත සම්මතවීමත් සමග දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට පමණක් හැකි ජංගම දුරකතන භාවිත කිරීමට සෙබළුන්ට අවස්ථාව හිමිවුවත්, ටැබ්ලට් හෝ ලැප්ටොප් පරිගණක භාවිතය ද තහනම් වනු ඇත.

සෙබළුන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් තුළින් රහසිගත හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට යාම වැලැක්වීම මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ අරමුණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිපිරීමෙන් මාසයකට පසු බීරූට් අගනුවර වරායේ ගින්නක්

Mohamed Dilsad

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එමීර් රාජ්‍යයේ සංචාරයක් අරඹයි…

Mohamed Dilsad

Leave a Comment