ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට කඳවු පොලිසියේ අංක තහඩු නොතිබුනේ ඇයි?(වීඩියෝ)

(උදයම්,කොළඹ) – ඊයේ (8) දිනයේදී කථානායකවරයාගේ අණ පිළිනොගත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් කිරීමට කැඳවු පොලිස් නිලධාරීන්ගේ ඇඳුමේ පොලිස් නිලඇඳුමට අදාල අංක තහඩු නොමැතිවීම පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුව තිබේ.

මෙම නිලධාරීන්ගේ පොලිස් නිලඇඳුමට අදාල අංක තහඩු නොමැතිවීම හේතුවෙන් එම නිලධාරීන්ගේ අණ පිළිගැනීමට ඊයේ (08) ඇතැම් මන්ත්‍රීවරුන් මැලිවුණි.

මෙහිදී  විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සභාවට පැමිණියේ කැලෑ පොලිසිය බවය. මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු විය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී පාර්ලිමේන්තු උසස් නිලධාරියෙකු පැවසුවේ එම පොලිස් නිළධාරීන් අංක නොමැතිව පැමිණීමට හේතුව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභා ගැබෙන් ඉවත් කරන විට පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෙස පොලිසිය පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බෙල්ට් නොමැතිව බවය.

[ot-video][/ot-video]

 

Related posts

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

Mohamed Dilsad

ජෝෂප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

ගෝඨාට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment