ප්‍රමුඛ පුවත 1

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය සතියකට වැසේ.

(UTV|යාපනය) – යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (27) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

තාක්ෂණ පීඨයේ ඇති වූ නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් මෙම තීරණය ගත් බව යාපනය විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.

විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨය වෙත නවක සිසුන් බඳවාගෙන ඇති අතර ,එහිදී නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන තිබේ.

මෙම තත්ත්වය සමතයකට පත්වූ විගස පීඨය නැවත ආරම්භ කරන බවද උප කුලපතිවරයා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

Mohamed Dilsad

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

Leave a Comment