ප්‍රමුඛ පුවත 1

වසර 68ක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨ සේවය ජනපතිගේ ඇගැයීමට

(UTV|පොලොන්නරුව) – වසර 68ක කාල පරාසයක් මුළුල්ලේ මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ සේවය අනුපමේය බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ  (02) පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

මෙම වසරේ දී සුවිශේෂී ප‍්‍රදර්ශනයක් සහ සැණකෙළියක් ද සහිතව සැමරුම් උලෙළ පැවැත්වෙන අතර, ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් බලඝනය සහ අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලඝනය ඔවුන් විසින් ජාතියට සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීම ද සිදු විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය නිපුනත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව, කැපවීම ආදී ගුණාංග හේතුකොටගෙන ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව අපගේ ගුවන් හමුදාව සතු බවයි. රට වෙනුවෙන් ජීවිත පුදකළ සහ ආබාධිත වූ රණ විරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ ආචාර පෙළපාළියක් ද පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු  Air Tattoo – 2019 ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබඳ සකසා තිබූ ප‍්‍රදර්ශන කුටිය එහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරික්ෂණයට ලක් විය. එමෙන්ම ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප‍්‍රදර්ශන කුටිය වෙත ගිය ජනාධිපතිතුමා වෙත එම පුහුණු කටයුතු පිළිබඳ සම්පාදනය කෙරුණු ග‍්‍රන්ථයක් ද පිළිගැන්විණි. එහිදී නව වෙබ් අඩවියක් ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

අද(03)  සිට 06 වනදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා ක`දවුරු පරිශ‍්‍රයේ දී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප‍්‍රදර්ශනය කිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හි දී හා ස්වභාවික ව්‍යසනයන්හි දී ගුවන් හමුදාව කි‍්‍රයා කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදු කෙරේ. එමෙන්ම ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සන්දර්ශන, තූර්ය වාදන හා සරඹ සන්දර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතය. සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාති‍්‍රය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුළුවීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තම 68 වන අභිමානවත් සංවත්සරය අනුස්මරණය කරමින් සිය කුසලතාවයන් උතුරු මැද පළාතේ ජනතාව වෙත සමීප කරවන අවස්ථාවේ එය දැක බලා ගැනීමට පැමිණෙන ලෙස සියලු ජනතාව වෙත ආරාධනා කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

Mohamed Dilsad

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් – සජිත්

Mohamed Dilsad

Leave a Comment