Trending News

2019 අයවැය කථාව ආරම්භ කරයි (UPDATE).

04.20 PM – මඩු පල්ලිය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

04. 18 PM– කැසිනෝ සඳහා ඇතුළුත්වීම සඳහා ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩි කෙරේ.

04. 17 PM– 2019 අප්‍රේල් පළමු වැනි දා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 100 කින් වැඩි වේ.

04. 15 PM– දේශීය මත්පැන් සඳහා ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ. ගල් අරක්කු මිල වෙනස් නොකෙරේ.

04.14 PM – පුද්ගලයකු සඳහා නැව් නැගීමේ හා ගුවන් ගත වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10 ලෙස සංශෝධනය කෙරෙයි.

04.13 PM– බීඩි කොළ ආයනය මත පනවා ඇති සෙස් බද්ද වැඩි කෙරේ. බීඩියක මිල සත පනහකින් පමණ මේ අනුව වැඩි වේ.

04.11 PM – අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි නිෂ්පාදන බද්ද සංශෝධන කෙරෙයි. ජාතික ගොඩ නැගීම් බද්ද සිගරට් නිෂ්පාදනයට වැඩිවේ.

04. 10 PM  – කුඩා මෝටර් රථ සඳහා අවම බද්ධක්. වාහන ආනයනයේදි 200% ක ආන්තිකය වෙනස් කරනවා.

04.07 PM– විවිධ ව්‍යාපෘති සඳහා බැංකු සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා. උතුරු පළාතට ආර්ථික මධ්‍යස්ථාන 10 ක්.

04. 05 PM – පැල්මයිරා අරමුදලක් වෙනුවෙන් රුපියල් මිලියන 5000 ක්.

03.57 PM – ස්භාවික කළමණාකාරනයට රුපියල් මිලිය 20000 ක්. ආපදා රක්ෂණයට මිලියන 1000 ක්. වාරිකය 500 සිට 1500 දක්වා.

03. 55  PM– ප්‍රජා මුලික හරිතර සමාජ සැම ප්‍රාලේ මිලියන 25ක්. කොළඹ නගරය අලංකරණයට මිලියන 1000 ක් කඩොලාන පැල තවන් පිහිටුවිමට මිලියන 50 ක්.

03.52 PM – සමෘද්ධිය ප්‍රතිසංවිධාන කරනවා.ප්‍රතිලාභි සංඛ්‍යාව ලක්ෂ 06 කි වැඩි කරනවා.බිලියන 10 ක් වෙන් කරනවා. සමෘද්ධි බැංගු සතු මුදල් වලින් ගිණුම් හිමීයන් රුපියල් 30000 ක් දක්වා මුදල් ලබා ගැනිමට අවස්ථාව.

03. 50 PM– පානීය ජල ව්‍යාපාතීයන් සඳහා රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා.

03. 48 PM  – අල්ලස් හෝ දුෂණ චෝදනා කොමීසම ශක්තිමත් කිරිමට මිලියන 100 ක්. ග්‍රාම ශක්ති නිෂ්පාදන ව්‍යාපාරිකයින් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්.

03. 47 PM  – අරක්ෂක අංශ. කමාන්ඩෝ දීමනාව රුපියල් 500 ක් කරනවා. ගෙවල් කුලී දිමනාව සීයයට 30 කින් වැඩි කරනවා. නිල ඇදුම් වෙනුවෙන් දීමනාව වැඩි කෙරනවා. නාවික හා ගුවන් හමුදාවටත් අදාළයි.

03. 44 PM – විශ්‍රාම වැටුප් සංශෝධනයට කිරිම 2019 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරිමට රුපියල් බිලියන 12 ක් වෙන් කෙරෙනවා.පහළම විශ්‍රාමීකයන්ගේ රුපියල් 1600 කින් පළමු පංතියේ ගුරුවරෙයකුගේ රුපියල් 4600 කින් හා අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ 12000 කින් මෙහිදි ඉහළ නංවනවා.

03. 42 PM– රුපියල් 10000 ක් වැටුප් වැඩිවිම 2020 මුලික වැටුපට එකතු කර අවසන්.මෙ වන විට රජයේ සේවකයින්ට 107% ක වැඩි විමක් සිදුව තිබෙනවා. එ සඳහා තවත් බිලියන 40 ක් වෙන් කර තිබෙනවා. ජුලි මාසයේ සිට රුපියල් 2500 ක් රජයේ සේවකයින්ට වැඩි විමක් දෙනවා

03.38 PM – ප්‍රධාන දුම්රිය මාර්ග 04 ක් ඉදි කෙරෙනවා. මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගයට මිලියන 5000 ක්.ග්‍රාමීය මාර්ග වෙනුවෙන් රුපියල් බිලියන 10 ක්.

03.37  PM – ත්‍රිරෝද රථ කුඩා කාර් බවට පරිවර්තනය කිරිමට ණය යෝජනා ක්‍රමයක්.දැනට භාවිත කරන ත්‍රිරෝධ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා.

03.36 PM – ඒකාබද්ධ බස් පාලන මධ්‍යස්ථානයක් ඉදි කරනවා. එමගින් ලංගමට 40% ක් මේ සඳහා රුපියල් මිලියන 1300 ක් වෙන් කරනවා.ලංගම බස් ඇණිය වර්ධනයට බස් 150 ක් එ සඳහා මිලියන 1500 ක්.පෞද්ගලික බස් ඇණියට සුඛෝපභෝගී බස් 1000 ක් ලබා දීමට ණය යෝජනා ක්‍රමයක්.පොලියෙන් 75% ක් රජයෙන්.අවුරුද්දක සහන කාලයක්.

03.32 PM- පානිය ජල ව්‍යාපෘති සියලු නගර ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කරනවා.ප්‍රජා ජප අභිමන් වැඩසහනට රුපියල් මිලියන 1500 ක් වෙන් කර තිබෙනවා.

03.31 PM – යාපනය පැරණි නගර සභාව ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 700 ක්. නුවර සංවර්ධනයට දැනටමත් මිලියන 900 ක් වෙන් කර තිබේනවා.බෝගම්බර සංවර්ධනයට මිලියන 750 ක් වෙන් කර තිබෙනවා

03.30 PM – අරුවක්කාලු කවල කළමණාකරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 7000 ක්.කොළඹ ගංවතුර පාලනයට මිලියන 10600 ක්.

03.28 PM – නාගරික පුනර්ජීවන වැඩසටහනට රුපියල් මිලියන 8000 ක්. පළාත් 09 ආවරණය වන පරදි වැඩසටහනට තවල් මිලියන 2000 ක්. බේරේ වැව පිරිසිදු කිරිම සම්පුර්ණයෙන් නිම කරනවා.

03.25 PM- ක්‍රීඩාව සඳහා දැනටමත් මිලියන 3800 න් වෙන් කර තිබෙනවා.බර්නාඩි අලුවිහාර හා කෙලොන්නාව ක්‍රීඩාංගණ සංවර්ධනය කිරිමට මිලියන 300 ක් වෙන් කරනවා.

03.24 PM- අයාලේ යන සුනකයින් වන්ද්‍යකරණ වැඩ සටහන වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා

03.22 PM – සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 28750 ක් වෙන් කර තිබෙනවා.සුව සැරිය ගිලන් රථ සේවයට මිලියන 600 ක් මුලික නැවතුම් ස්ථාන 300 ක්

03.16 PM- සරසවි පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 25000 ක්.විශ්ව විද්‍යාල දෙකක වෙද්‍ය පීඨ.නවීන පහසුකම් සහිත විද්‍යාගාරයක් ජපුරට. පෞද්ගලික උපාධි වෙනුවෙන් ලක්ෂ 12 ක ණයක් (පොලී රහිත) ණය ගෙවිමට වසර 12 ක්.

03.15 PM -පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනයට නෛතික රාමුවක්.පෙර පාසල් ගුරුවරුනගේ සේවා තත්වය ඉහළ නංවනවා.සුදුසුකම් ඇති අයට ණය ලබාදෙනවා.පොලීයෙන් 50% රජය ගෙවනවා

03.13 PM – උසස් පෙළ විභාගයේදි සමත්වන දරුවන්ට රජයේ වියදමීන් ශිෂ්‍යත්ව අරමුදල් ආරම්භ කරනවා.මෙම අරමුදලින් හොඳම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල ලබා දෙනවා

03.11 PM – පාසල් පාඨමාලා සඳහා තාක්ෂණය යොදා ගැනිමට මිලියන 100 ක් වෙන් කරනවා

03.10 PM සෑම දරුවෙක් සඳහාම වසර් 13 ක අධ්‍යාපනය වැඩ සටහන සඳහා රුපියල් මිලියන 32000 ක් වෙන් කරනවා

03.07 PM – තරුණ සංචාරයකයන්ට සහ අවුරුදු 18 ට අඩු සංචාරකයින් වෙනුවෙන් සංචාරක ප්‍රවේශපත්‍ර ගාස්තු අඩු කිරිමට යෝජනා.

03.03 PM – තොරතුරු තාක්ෂණ සේවයේ කාර්මාන්තයට කලා අංශයේ උපාධිධාරීන් යෙදවිම වෙනුවෙන් රුපියල් මිලියන 1300 ක් වෙන් කරනවා. අදායම් බුද්ධි ඒකකයක් ස්ථාපිත කර අදායම් ලැබිම් වර්ධනය කරනවා.

02.59 PM – සෘඡු විදේශ ආයෝජන වැඩි කර ගැනිම සඳහා අවශ්‍යය කටයුතු සලසනවා

02.58 –  PM – යන්ත්‍ර සුත්‍ර ආනයනයේදි අය කරන ගුවන් සේවා බද්ධ අඩු කිරිමට යෝජනා.වෙළඳ ගැපුම් ක්‍රියාවලිය සදහා මිලියන 500 ක් වෙන් කිරිමට යෝජනා.

02.51 PM – මැදි අදායම්ලාභීන්ට රුපියල් මිලියන 10 ක් දක්වා අවුරුදු 25 ක් දක්වා සීයයට 6 ක් දක්වා අඩු පොලීයක් යටතේ ණය. (අලුත බැඳපු යුවළවල්වලට)

02.50 PM 2019 වසරේදි නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 24000 ක් වෙන් කරනවා.උතුරු නැගෙනහිර නිවාස සඳහා මිලියන 5500 ක්.

02.49 PM – නියමු ව්‍යාපෘතියක් ලෙස ගොවිපොළවල් දෙකක් (අඹේපුස්ස/වීරවීල) බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සමග එක්ව පිහිටුවනවා.හිර ගෙදර කාන්තාවන්වෙනුවෙන් දොම්පේ ගම්මානයක්. එ සඳහා මිලියන 50 ක්

02.47 PM – විශේෂිත අයට ලබාදෙන දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කරනවා.අඩු ආදයම් ලබන අයද ඇතුළත්ව එ සඳහා රුපියල් මිලියන 4300 ක් වැය කරනවා.වකුගඩු රෝගීන්ගේ පොරොත්තු ලේඛණය නැති කිරිමට මිලිය 1840 ක්

02.40 PM – පෞද්ගලික අංශයේ මව්වරුන්ට මාස 3 ක අතිරේක ප්‍රසූත නිවාඩු දීමට දිරි ගැන්වීම්

02.40 PM – වැසිකිලි නැති ගෙවල් වෙනුවෙන් රුපියල් මිලියන 4000 ක්.දුම්රිය පොළවල් තුළ නවීන වැසිකිලි හදනවා

02.36 PM –  රටේ සියලු සිසුන් වෙනුවෙන් කිරි වීදුරුවක් නොමිලේ ලබා දෙනවා

02.35 PM – නව ධීවර වරායන් ඉදිරිකිරිමට රුපියල් මිලියන 1300 ක් වෙන් කර තිබෙනවා.බහුදින යත්‍රාවල ශිතාගාර පිරිවැයෙන් 50% ක් රජයෙන් දරනවා.රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයෙන් ඉතිරිය ලබා දෙනවා.

02.33 PM – පොල් කර්මාන්තය පිළිබඳව බලපත්‍ර ලබාදිමේ ක්‍රියාවලිය සළකා බලමීන් ලිහිල් කිරිමට කටයුතු කරනවා. කුරුදු තලන්නන්ගේ හිඟය මග හරවා ගැනිම සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා.මොරගහකන්ද අලැ මාර්ග ඉදිරිකිරිමට මිලියන 12000 ක් වෙන් කර තිබේනවා

02.28 PM – උසස් තත්වයේ භෝග නිෂ්පාදනය වැඩි කරනවා.ඒ සඳහා දිස්ත්‍රික් පහක ක්‍රියාත්මක කරනවා.පසු අස්වනු තාක්ෂණ වැඩි කිරිමට කටයුතු කරනවා.පිරිසවිය ණය යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කරනවා.

02:25 PM – සියලු අමාත්‍යාංශවපල ප්‍රතිපාදන සඳහා වන ප්‍රසම්පාදන වලින් 10% කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් වෙන් කරනවා.කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිශ්පාදන බදු අඩු කරනවා.

02:24 PM – ජාතික තරුණ සේවා සභාවේ සහතික පත් ලාභීන්ට එන්ට්‍රප්‍රයිස් ණය යෝජනා ලබාදිමේ ප්‍රමුඛතාව ලබා දෙනවා.මේ දක්වා රුපියල් මිලියන 60000 ක් වෙන් කර තිබෙනවා. කුඩා මධ්‍යම පරිමාණ ව්‍යපාරිකයන් සඳහා ලංකා බැංකුව තුල ඒකකයක් ස්ථාපිත කිරිමට මිලියන 500 ක් වෙන් කරනවා.

02:23 PM – 2015 අපට බාර ගන්න සිදුවූයේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක් වගේ ආර්ථිකයක්. එසේ වුවත් ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කරන්න අපට හැකිවුණා.

02:10 PM – මංගල සමරවීර – 2019 අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. 2018 අග ඇතිවූ ව්‍යාකූලත්වයෙන් පසු ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැවත ඇති අතර. නිදහසෙන් පසු අඳුරුතම දින 51න් පසු ස්ථාවරත්වය ඇති කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

 

Related posts

සේවකයන්ගේ අවම වේතන (සංශෝධන) පනත කථානායක විසින් සහතික කරයි.

Editor O

பாடசாலை புத்தகங்களை அச்சிடும் பணி தனியார் துறையிடம்

Mohamed Dilsad

சித்திரை புத்தாண்டு புண்ணியகாலம்…

Mohamed Dilsad

Leave a Comment