ප්‍රමුඛ පුවත 1

මාලදිවයින රජයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ධීවරයින්ට නිදහස.

(UTV| කොළඹ) – මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කර තිබේ.

රජයේ මැදිහත් වීමෙන් ඔවුන් නිදහස් කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ජාතික ධීවර මහා සම්මේලනය වෙනුවෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පැවැත්වූ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමට එක්වෙමින් පැවසීය.

ධීවර යාත්‍රා 04 හි නියමුවන් සිව්දෙනා පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු මාලදිවයින් රජය රඳවාගෙන ඇති බවත් ඔවුන් ද නිදහස් කර ගැනීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හතර ඉදිරියේ දී නිදහස් කරගැනීම පිළිබඳව මාලදිවයින තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරන බවත්, එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ද මාලදිවයින් රජය දැනුවත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

ධීවරයින් නිදහස් කළද ඔවුන් මෙරටට රැගෙන ඒමට විදේශ ගමන් බලපත්‍ර ඔවුන් ළඟ නොමැතිවීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඔවුන්ට අවශ්‍ය විදේශ බලපත්‍ර හැකි ඉක්මනින් සකසා ඔවුන් ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පිරිස අතර වයස අවුරුදු 17 ක තරුණයෙකු සිටින බව අමාත්‍යවරයා සඳහන් කළ අතර ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ නිරත වන මාලදිවයින් ධීවරයින් ද අවස්ථා කිහිපයක දී මෙරට දේශසීමාව උල්ලංඝණය කළ අවස්ථා පවතින බවත් ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල දේශසීමා උල්ලංඝණය කිරිම අවම කිරීමට ඉදිරියේදී යාත්‍රා නිරීක්ෂණය කරනු ලබන උපාංග මෙරට ධීවර කටයුතු වල නිරත යාත්‍රා වල සවිකිරීම මඟින් දේශසීමා උල්ලංඝණය හා නීති විරෝධී කටයුතු අවම කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි  අමාත්‍යවරයා පැවසීය.

අත්අඩංගුවට පත් මෙම ධීවරයින් නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වන විට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

හේෂා විතානගේට ඇප

Mohamed Dilsad

Leave a Comment