ප්‍රමුඛ පුවත 1

වැල්ලේ සුරංගගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් වැල්ලේ සුරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය හා ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) අත්අඩංගුවට ගත් කුමාරපේලියගේ ළහිරු නයනප්‍රිය මෙම පුද්ගලයා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු බව හදුනා ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 85 ක් , කේරළ ගංජා ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 467 ක් ,කඩු 02 ක් හා රුපියල් එක්ලක්ෂ තිස් හතර දහස් එකසිය පනහක මුදලක් පොලිසිය භාරයටගෙන තිබේ

සැකකරු අද (08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක අයෙක්.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජපක්ෂ පාලනයේ ඔත්තු සේවා තමන් පස්සෙන් පැන්නුවා – දුමින්ද නාගමුව [VIDEO]

Mohamed Dilsad

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment