ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 7ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කොලොන්නාව පාලම අසල ඊයේ (10) සිදුකරනු ලැබූ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 03 වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු  52ක් ඉක්මවූ වැල්ලමපිටිය පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අද (11) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

තවද ඊයේ (10) දහවල් අලුත්ගම නගරයේ  සිදුකරනු ලැබූ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24ක් ලග තබාගෙන සිටි සැකකරුවන් 5ක් අලුත්ගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර සහ දර්ගානගර් ප්‍රදේශ වල පදිංචි අවුරුදු 23, 32, 35, 38 හා  47 වයස්වල පසුවන අය වේ.

අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යන අතර මෙම සැකකරුවන් අද (11) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 08 අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (10) සීවලිපටුගම ප්‍රදේශයේදී සිදුකරනු ලැබූ වැටලීමකදීය.
අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 19 ඉක්මවූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

Mohamed Dilsad

වලංගු හැඳුනුම්පතක් නොමැති අයට යළි සිහි කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90% ක් සජිත්ට – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment