ප්‍රමුඛ පුවත 1

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනය කල විදේශීය සැකකරුවන් තිදෙනෙකු කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර පසුව ඔවුන්ට දඩ නියම කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

ඒ අනුව එක විදේශිකයෙකුට රුපියල් පන්දහස බැගින් තිදෙනාටම මෙම මුදල ගෙවීමට නියෝග කරන ලදී.

එලෙසම රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් ලබා දීමේ වරදට වරදකරු වූ කැකනදුර සහ මිරිස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනාට රුපියල් හාරදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ.

මෙලෙස වරද පිළිගෙන ඇත්තේ  29, 36, 33 හැවිරිදි විදේශිකයන් තිදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

113 ක බහුතරය සම්පුර්ණයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment